වාහන නැවැත්වීම් වැරදි සීය ඉක්මවා යාමේදී දඩ මුදල් ඉහල දැමීමට අදාළව ටොරොන්ටෝ කවුසිල මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් ඡන්දය ප්‍රකාශ කර ඇත. පසුගියදා පැවති රැස්වීමක් අතරතුරු වාහන නැවැත්වීම සම්බන්ධයෙන් වැරදි එකසිය විසි පහක් සඳහා දඩ මුදල් වැඩි කිරීමට යෝජනා කළ අතර ඊට අදාළ විවාදයද පැවැත්විණි.කවුන්සිලයේ යටිතල පහසුකම් සහ පරිසර කමිටුවේ සභාපති ජෙණිෆර් මැකෙල්වී අදාළ දඩ මුදල වැඩි කිරීමේ යෝජනාව ඉදිරිපත් කෙරිණි. යෝජනාව විස්සට එකක් ලෙස අනුමත විය. මේ අනුව පාපැදි මං තීරුවලින් වාහන නැවැත්වීමේ දඩය ඩොලර් එකසිය පනහේ සිට දෙසීයය දක්වා ඉහල දමා ඇති අතර වාහන නැවැත්වීමේ යන්ත්‍ර සඳහා ගාස්තු නොගෙවීම ඩොලර් තිහේ සිටියේ ඩොලර් පනහ දක්වාෙ ඉහළ යනු ඇත. අනුමත කිරීමේ ගාස්තු අගෝස්තු පලවෙනි දා සිට ක්‍රියාත්මක වේ.
Related Posts
වැන්කුවර් අතුරු මැතිවරණට ඉහල උනන්දුවක්.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත වැන්කුවර් නාගරික අතුරු මැතිවරණට අදාලව ඉහල උනන්දුවක් පවතින බවට වාර්ථා වේ.මැතිවරණයේ පළමු දිනය යෙදී තිබූ පසුගිය 01වැනිදා…
අගමැති කාර්නිගේ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි.
කැනේඩියානු නව රඡයේ කැබිනට් මණ්ඩලය පසුගියදා දිවුරුම් දෙනු ලැබීණි.එය කැනේඩියානු ඉතිහාසයේ “සංකීර්ණ මොහොතක්” පිළිබිඹු කරන බව අගමැති මාර්ක් කාර්නි පවසයි.…
කැනේඩියානු දෙමළ කොංග්‍රසය අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි.
ජනාධිපති අනුර කුමාර දිසානායකට සහ ජාතික ජන බලවේගය වෙත නිල ලිපියක් යොමුකරමින් පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලද විශිෂ්ට හා ඓතිහාසික ජයග්‍රහණයට කැනේඩියානු…


