වාහන නැවැත්වීම් වැරදි සීය ඉක්මවා යාමේදී දඩ මුදල් ඉහල දැමීමට අදාළව ටොරොන්ටෝ කවුසිල මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් ඡන්දය ප්‍රකාශ කර ඇත. පසුගියදා පැවති රැස්වීමක් අතරතුරු වාහන නැවැත්වීම සම්බන්ධයෙන් වැරදි එකසිය විසි පහක් සඳහා දඩ මුදල් වැඩි කිරීමට යෝජනා කළ අතර ඊට අදාළ විවාදයද පැවැත්විණි.කවුන්සිලයේ යටිතල පහසුකම් සහ පරිසර කමිටුවේ සභාපති ජෙණිෆර් මැකෙල්වී අදාළ දඩ මුදල වැඩි කිරීමේ යෝජනාව ඉදිරිපත් කෙරිණි. යෝජනාව විස්සට එකක් ලෙස අනුමත විය. මේ අනුව පාපැදි මං තීරුවලින් වාහන නැවැත්වීමේ දඩය ඩොලර් එකසිය පනහේ සිට දෙසීයය දක්වා ඉහල දමා ඇති අතර වාහන නැවැත්වීමේ යන්ත්‍ර සඳහා ගාස්තු නොගෙවීම ඩොලර් තිහේ සිටියේ ඩොලර් පනහ දක්වාෙ ඉහළ යනු ඇත. අනුමත කිරීමේ ගාස්තු අගෝස්තු පලවෙනි දා සිට ක්‍රියාත්මක වේ.
Related Posts
ටොරොන්ටෝ නගරයේ කුලී නිවාස ගාස්තුව අඩු වෙයි
ටොරොන්ටෝ නගරයේ කුලී නිවාස සඳහා අය කරන ගාස්තුව සියයට බින්දුවයි දශම බින්දුවයි හතකින් අඩුවී ඇත. ඒ අනුව ගාස්තුවක් ඩොලර් 2782…
ලොව ප්‍රථම කෘතිම බුද්ධි රූ රැජිණ මොරොක්කෝවෙන්
ලොව ප්‍රථම මිස්. ඒ.අයි(Miss A I) කිරුළ දිනා ගැනීමට මොරොක්කෝවේ සමාජ මාධ්‍ය චරිතයක්වන කෙන්සා ලේලි සමත් වූවාය. කෙන්සා ලේලි යනු…
කැනඩාවේ ජන සංහාර ස්මාරකය ගැන ලංකාව දැක්වූ විරෝධයට බ්‍රැම්ප්ටන් නගරාධිපති පයින් ගසයි
කැනඩාවේ බ්‍රැම්ප්ටන් නගරයේ ‘දෙමළ ජන සංහාර’ අනුස්මරණ ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය පළකළ විරෝධතාව කැනඩාවේ බ්‍රැම්ප්ටන් නාගරික බලධාරීන් නොසලකා…


