Blog
ඔබ සැමට ප්‍රීතිමත් නත්තලක් !.
ලබන්නාවූ නත්තල ඔබ සැමට සාමය සතුට සපිරි සුබම සුබ විවේක කාලයක් වේවායිශ්රී ලංකැන් නිව්ස් සහ රූපණ කණ්ඩායමේ පැතුමයි.
ග්‍රිනිච් මධ්‍ය රේඛාව මත සිට අවට බැලුවෙමි.ලෝකයේ ලොකුම මිරිදිය විල බලන්නට උතුරු ඔන්ටාරියෝවට
යුරෝපා සංචාරයක මතකය ග්‍රිනිච් මධ්‍ය රේඛාව මත සිට අවට බැලුවෙමි. අපි සමාජ අධ්‍යනය පොතේ ඉගෙනගත්ත දේශාංශ රටින් රටට වෙලාව තීරණය කරන්න ඉතාමත්ම වැදගත් වන දෙයක්. ඒ අනුව ග්‍රිනිච් මධ්‍ය රේඛාවෙන් පටන් අරගෙන බටහිරටත්, නැගෙනහිරටත් අංශක 180 බැගින් ඇදි මනකල්පිත රේඛා භාවිතයෙන් රටින් රටට වෙලාව තීරණය වෙනවා. අපි දැන් ඉන්නෙ ඒ ග්‍රිනිච් මධ්‍ය රේඛාව උඩ හිටගෙන. ග්‍රිනිච් මධ්‍ය රේඛාව පිහිටා තිබෙන්නෙ එංගලන්තයේ තේම්ස් නදිය අසබඩ තියෙන මනරම් උද්‍යානයක කෙලවර තියෙන කදු ගැටයේ. හරියටම 1676 දෙවන චාල්ස් රජතුමා විසින් පිහිටුවන ලද රාජකීය ආකාශ වස්තු නිරීක්ෂණාගාරයේ. Royal Observatory රාජකීය තාරකා විද්‍යාඥයාගේ පර්යේෂණාගාරය ලෙස 1876 දී මුලින්ම භාවිතා කල John Flamsteed ගේ නිවහන ලෙසින් පහත මාලයක්, කාර්යාලය ලෙස අටපට්ටම් හැඩයේ ඉහල මාලයත් භාවිතා වුණා. ඔහුගෙන් පසු ඒ තනතුර දැරුවේ හැලීගේ ධූමකේතුවට නම් ලද Edmond Hailey. මේ පරිශ්‍රයේ තිබෙන ග්‍රිනිච් මධ්‍ය රේඛාව තඹ පතුරකින් රේඛාවක් ලෙසින් මැනැවින් සකස් කොට දෙපසින් Stainless Steel පතුරු දෙකක් තබා තිබෙනවා.ඔබටත් ඒ සමරුව ඉදිරියේ ඉදගෙන සිහිවටන සේයාරුවක් ගන්න පුළුවන්. රාත්‍රී කාලයට ඒ රේඛාව ලේසර් ආලෝක ධාරාවකින් එළිය කර තිබෙනු අපට බලන්නට පුළුවන් වුනේ අපි නවාතැන් ගත් හෝටලය ඒ අද්දරම තිබුනු නිසා. විශාල ඩොල්පින් මාළුවන් දෙදෙනෙකුගේ වලිග වලින් වැටෙන ඡეයාවෙන් වෙලාව කියැවිය හැකි අපූරු සැමරුමක් එළිමහනේ තිබෙනවා. අතීතයේ භාවිතා කල අඩි 40 ක තරමේ දුරේක්ෂයකුත් , තවත් කෞතුක භාණ්ඩ රැසකුත් මේ වනවිට කෞතුකාගාරයක් ලෙසින් පවත්වා ගෙන යනවා. වරායේ තිබෙන නැව් වලට වෙලාව සකස් කරගැනීම සදහා වහලයේ සකස් කර තිබෙන සුවිසල් රතු බෝලය දවල් 12 ට පහලට වැටෙනවා. පැයක කාලයකට පස්සෙ ආයෙමත් දවල් 1 ට එය නියමිත තැනට එසවෙනවා. Greenwich…
වීරා ගේ මාධ්‍යය සේවයට ජාතික සම්මානයක්
කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් 2015 වසරේ සිට රූපණ අන්තර්ජාල රූපවාහිනිය තුලින් සහ 2024 සිට ශ්‍රී ලංකැන් නිව්ස් වෙබ්…
සොදුරු ඇබ්බැහිය . චිත්‍රපට තුලින් ලෝකය දකිමු, ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට නව දැක්මක්
ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට නව දැක්මක් – Relive the epic of The Ramayana Trail ශ්‍රී ලංකාවේ නව ආදායම් ඉපයීම අවස්ථා…
සිංහල කෙටිකතාව – පාදඩයා, ජීවන කතන්දර- දෙද්දූව නත්තල,පරිවර්තිත කෙටිකතාව – අලුත ගෙනා මනාලිය
සිංහල කෙටිකතාව පාදඩයා නත්තල් දවසට පසු දවස නිසා මුළු නගරයම පාලුවට ගොසිනි. මහා මාර්ගයේ වාහනයක් වුවද ගමන් කළේ කලාතුරකිනි. විශාල…
කැනේඩියානු පැසිපන්දු තරුව Tristan Beckford ට්‍රිස්ටන් බෙක්ෆර්ඩ් Arkansas සමඟ ගිවිසුම් අත්සන් කරයි.
තවත් නැගී එන කැනේඩියානු පැසිපන්දු තරුවක් ලබන වසරේ එක්සත් ජනපදයේ විශ්ව විද්‍යාලයකට පිවිසෙනු ඇත.ට්‍රිස්ටන් බෙක්ෆර්ඩ් Tristan Beckford බදාදා නිවේදනය කළේ…
සුගතදාස ක්‍රීඩා සංකීර්ණය සම්පූර්ණයෙන්ම අලුත් කරන්න රජය තීරණය කරයි.
සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණයේ කෘත්‍රිම ධාවන පථයන් ඇතුළුව එම ක්‍රීඩා සංකීර්ණය මුළුමුනින්ම ප්‍රතිසංස්කරණය කිරීමට රජය සූදානම් වේ. ඒ අනුව සුගතදාස…
Maple Leafs හි ස්ටෝලාර්ස්ටදණහිසේ ශල්‍යකර්මයක් – සති කිහිපයක් තරගවලින් ඉවතට.
ටොරොන්ටෝ මේපල් ලීෆ්ස් හි ගෝල් රකින ක්‍රීඩක ඇන්තනි ස්ටෝලාර්ස්ට Anthony Stolarz දණහිසේ සැත්කමකට භාජනය වූ ඹහුට සති හතරත්, හයත් අතර…
හොරකම්-දූෂණ හේතුවෙන් ශ්‍රී ලංකාවට අරමුදල් ලබාදීම අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව අත්හිටුවයි.
අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන අරමුදල් වහාම ක්‍රියාත්මක වන ලෙස අත්හිටුවා ඇත.ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ පවතින දීර්ඝ…


