වාහන නැවැත්වීම් වැරදි සීය ඉක්මවා යාමේදී දඩ මුදල් ඉහල දැමීමට අදාළව ටොරොන්ටෝ කවුසිල මන්ත්රීවරුන් වැඩි පිරිසක් ඡන්දය ප්රකාශ කර ඇත. පසුගියදා පැවති රැස්වීමක් අතරතුරු වාහන නැවැත්වීම සම්බන්ධයෙන් වැරදි එකසිය විසි පහක් සඳහා දඩ මුදල් වැඩි කිරීමට යෝජනා කළ අතර ඊට අදාළ විවාදයද පැවැත්විණි.කවුන්සිලයේ යටිතල පහසුකම් සහ පරිසර කමිටුවේ සභාපති ජෙණිෆර් මැකෙල්වී අදාළ දඩ මුදල වැඩි කිරීමේ යෝජනාව ඉදිරිපත් කෙරිණි. යෝජනාව විස්සට එකක් ලෙස අනුමත විය. මේ අනුව පාපැදි මං තීරුවලින් වාහන නැවැත්වීමේ දඩය ඩොලර් එකසිය පනහේ සිට දෙසීයය දක්වා ඉහල දමා ඇති අතර වාහන නැවැත්වීමේ යන්ත්ර සඳහා ගාස්තු නොගෙවීම ඩොලර් තිහේ සිටියේ ඩොලර් පනහ දක්වාෙ ඉහළ යනු ඇත. අනුමත කිරීමේ ගාස්තු අගෝස්තු පලවෙනි දා සිට ක්රියාත්මක වේ.
Related Posts
ඔන්ටාරියෝ විද්යාල පීඨය Ontario college faculty ජනවාරි මුල වර්ජනයනට සැරසේ.
ඔන්ටාරියෝ හි විද්යාල පීඨ නියෝජනය කරන සංගමය පවසන්නේ සේවා කොන්ත්රාත් පිලිබද සාකච්ඡා වල සැබෑ ප්රගතියක් නොමැති වුවහොත් ජනවාරි 4 වනදා…
ගින්නෙන් විනාශ වු Jasper නගරයට පියවරෙන් පියවර නැවත ඇතුළු වීමට අවසර.
ගින්නෙන් විනාශ වු Jasper නගරයට පියවරෙන් පියවර නැවත ඇතුළු වීමට අවසර ලබාදීමට බලධාරීන් සූදානම් වනවා. ලැව් ගින්නක් හේතුවෙන් නගර වැසියන්…
එක්සත් ජනපද වෙළඳ යුද්ධයෙන්කැනඩාවේ බීර කර්මාන්තයටත් බලපෑම්.
එක්සත් ජනපද වෙළඳ යුද්ධයෙන් කැනඩාවේ බලපෑමට ලක් වූ තවත් කර්මාන්තයක් වන BC (British Columbia) බීර නිෂ්පාදකයින් ඇලුමිනියම් සඳහා වන තීරුබදු…


