වාහන නැවැත්වීම් වැරදි සීය ඉක්මවා යාමේදී දඩ මුදල් ඉහල දැමීමට අදාළව ටොරොන්ටෝ කවුසිල මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් ඡන්දය ප්‍රකාශ කර ඇත. පසුගියදා පැවති රැස්වීමක් අතරතුරු වාහන නැවැත්වීම සම්බන්ධයෙන් වැරදි එකසිය විසි පහක් සඳහා දඩ මුදල් වැඩි කිරීමට යෝජනා කළ අතර ඊට අදාළ විවාදයද පැවැත්විණි.කවුන්සිලයේ යටිතල පහසුකම් සහ පරිසර කමිටුවේ සභාපති ජෙණිෆර් මැකෙල්වී අදාළ දඩ මුදල වැඩි කිරීමේ යෝජනාව ඉදිරිපත් කෙරිණි. යෝජනාව විස්සට එකක් ලෙස අනුමත විය. මේ අනුව පාපැදි මං තීරුවලින් වාහන නැවැත්වීමේ දඩය ඩොලර් එකසිය පනහේ සිට දෙසීයය දක්වා ඉහල දමා ඇති අතර වාහන නැවැත්වීමේ යන්ත්‍ර සඳහා ගාස්තු නොගෙවීම ඩොලර් තිහේ සිටියේ ඩොලර් පනහ දක්වාෙ ඉහළ යනු ඇත. අනුමත කිරීමේ ගාස්තු අගෝස්තු පලවෙනි දා සිට ක්‍රියාත්මක වේ.
Related Posts
කැනඩාවට සහ යුරෝපා සංගමයට එක්සත් ජනපදයෙන් තවදුරටත් බදු තර්ඡන.
“ඇමරිකා එක්සත් ජනපදයට ආර්ථික හානියක් කිරීමට” එක්ව කටයුතු කළහොත් යුරෝපා සංගමය සහ කැනඩාව මත විශාල තීරුබදු පැනවන බව ඇමරිකානු ජනාධිපති…
ටොරොන්ටෝහි හිම ඉවත් කිරීමට සති කිහිපයක් ගත වන ලකුණු.
පසුගිය සතියේ ටොරොන්ටෝවෙත බලපෑ දරුණු හිම පතනයෙන් පසු, ටොරොන්ටෝ ප්‍රදේශයේ (GTA) හිම ඉවත් කිරීමට සති කිහිපයක් ගත විය හැකි බව…
ඇල්බර්ටා පළාත කැනඩාවෙන් වෙන්වීමේ ජනමත විචාරණයකට සැරසේ?
කැනඩාවේ තෙල්වලින් පොහොසත් පළාතක් වන province of Alberta ඇල්බර්ටා හි ප්‍රධානී Danielle Smith ඩැනියෙල් ස්මිත් පසුගිය සඳුදා පැවසුවේ පුරවැසියන් විසින් මෙහෙයවන ලද පෙත්සමක් අවශ්‍ය…


