වාහන නැවැත්වීම් වැරදි සීය ඉක්මවා යාමේදී දඩ මුදල් ඉහල දැමීමට අදාළව ටොරොන්ටෝ කවුසිල මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් ඡන්දය ප්‍රකාශ කර ඇත. පසුගියදා පැවති රැස්වීමක් අතරතුරු වාහන නැවැත්වීම සම්බන්ධයෙන් වැරදි එකසිය විසි පහක් සඳහා දඩ මුදල් වැඩි කිරීමට යෝජනා කළ අතර ඊට අදාළ විවාදයද පැවැත්විණි.කවුන්සිලයේ යටිතල පහසුකම් සහ පරිසර කමිටුවේ සභාපති ජෙණිෆර් මැකෙල්වී අදාළ දඩ මුදල වැඩි කිරීමේ යෝජනාව ඉදිරිපත් කෙරිණි. යෝජනාව විස්සට එකක් ලෙස අනුමත විය. මේ අනුව පාපැදි මං තීරුවලින් වාහන නැවැත්වීමේ දඩය ඩොලර් එකසිය පනහේ සිට දෙසීයය දක්වා ඉහල දමා ඇති අතර වාහන නැවැත්වීමේ යන්ත්‍ර සඳහා ගාස්තු නොගෙවීම ඩොලර් තිහේ සිටියේ ඩොලර් පනහ දක්වාෙ ඉහළ යනු ඇත. අනුමත කිරීමේ ගාස්තු අගෝස්තු පලවෙනි දා සිට ක්‍රියාත්මක වේ.
Related Posts
බරපතළ සුනඛ ප්‍රහාරවලට ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීම සහ වැළැක්වීමට වැඩපිළිවෙලක්
බරපතල සුනඛ ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීම සහ වැළැක්වීම සඳහා නගරය නව ක්‍රියාමාර්ග දියත් කිරීමට පටන් ගන්නා බව ටොරොන්ටෝ බලධාරීන් පවසනවා. ඒ…
ප්රාග්ධනය ලාභ බදු සංශෝධනය ගැන conservative පක්ෂය අදහස් පළ කරයි.
ලිබරල් පක්ෂයේ ප්‍රාග්ධන ලාභ බදු සංශෝධනය සඳහා සූදානම් වන ලෙස කැනේඩියානු conservative පක්ෂයේ නායක Pierre Poilievre පවසනවා. මේ සම්බන්ධයෙන් තම…
ඹලිවියා චව්ගේ (Olivia Chow) නිලයට වසරයි – ටොරොන්ටෝහි ප්‍රතිසංස්කරණ වෙනුවෙන් අතුරු ව්‍යවස්ථාවක්.
ටොරොන්ටෝ නගර සභාව බදාදා යෝජනාවක් සම්මත කරමින් ඊනියා ප්‍රතිසංස්කරණවල රැල්ල වැලැක්වීමට පියවර ගෙන ඇත. “ටොරොන්ටෝ හි කුලී නිවැසියන් ඔවුන්ගේ…


