වාහන නැවැත්වීම් වැරදි සීය ඉක්මවා යාමේදී දඩ මුදල් ඉහල දැමීමට අදාළව ටොරොන්ටෝ කවුසිල මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් ඡන්දය ප්‍රකාශ කර ඇත. පසුගියදා පැවති රැස්වීමක් අතරතුරු වාහන නැවැත්වීම සම්බන්ධයෙන් වැරදි එකසිය විසි පහක් සඳහා දඩ මුදල් වැඩි කිරීමට යෝජනා කළ අතර ඊට අදාළ විවාදයද පැවැත්විණි.කවුන්සිලයේ යටිතල පහසුකම් සහ පරිසර කමිටුවේ සභාපති ජෙණිෆර් මැකෙල්වී අදාළ දඩ මුදල වැඩි කිරීමේ යෝජනාව ඉදිරිපත් කෙරිණි. යෝජනාව විස්සට එකක් ලෙස අනුමත විය. මේ අනුව පාපැදි මං තීරුවලින් වාහන නැවැත්වීමේ දඩය ඩොලර් එකසිය පනහේ සිට දෙසීයය දක්වා ඉහල දමා ඇති අතර වාහන නැවැත්වීමේ යන්ත්‍ර සඳහා ගාස්තු නොගෙවීම ඩොලර් තිහේ සිටියේ ඩොලර් පනහ දක්වාෙ ඉහළ යනු ඇත. අනුමත කිරීමේ ගාස්තු අගෝස්තු පලවෙනි දා සිට ක්‍රියාත්මක වේ.
Related Posts
කැනඩාවේ මහ මැතිවරණය ගැන ඊලොන් මස්ක්ගෙන් ඉඟියක්.
කැනඩාවේ මහ මැතිවරණය ලබන වසරේ ඔක්තෝබර් 25 වනදා පැවැත්වීමට නියමිතව තිබේ.එම මැතිවරණය ගැන ඉඟි පළකරන ලොව ධනවත්ම අමෙරිකානු ව්‍යාපාරිකයෙකු වන…
ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක්.රනිල් කම්පනයට පත්වෙයි.
අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී වෙමින් සිටි පෙන්සිල්වේනියාවේ බට්ලර් හි රැස්වීමකදී ඔහුට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.එරට ආරක්ෂක අංශ…
නිවාසඉදිකිරීමේ වේගය 9% කින් පහලට.
කැනඩා උකස් සහ නිවාස සංස්ථාව Canada Mortgage and Housing Corporation පවසන්නේ ජුනි මාසයේ නිවාස ආරම්භ කිරීමේ වාර්ෂික වේගය මැයි මාසයට…


