ඇලබාමා ගඟ පතුලේ සිට පිටසක්වලට යන පාර,ලෝකයේ දිගම වහලයක් ඇති පාලම මැද දී හාදුවක් දුන්නොත්
ඇලබාමා ගඟ පතුලේ සිට පිටසක්වලට යන පාර .ඇමෙරිකානු සංචාරයක මතකය …. ඇල බාමා ගඟ පතුලේ ඇති පැතලි ගල් කාලයක් තිස්සේ…
ඇලබාමා ගඟ පතුලේ සිට පිටසක්වලට යන පාර .ඇමෙරිකානු සංචාරයක මතකය …. ඇල බාමා ගඟ පතුලේ ඇති පැතලි ගල් කාලයක් තිස්සේ…
නෙදර්ලන්ත සංචාරයක මතක 1…. වරෙන් වරෙන් හුළං පොදක් මෝල උඩින් වැදීලා . නෙදර්ලන්තය කියන නම ඇහෙනකොටම අපට මතක් වෙන සලකුණක් තියෙනවා. ඒ තමයි සුළං මෝල. විදුලිය නිපදවන්නට පෙර සමහර රටවල් ජලය භාවිතයෙන් කම්හල් ක්‍රියාත්මක කලා. නෙදර්ලන්තය එය කලේ සුළං භාවිතයෙන්. දැවැන්ත පෙති සහිත සුළං මෝල් වලින් ධාන්‍ය ඇබැරීම ඇතුළු නොයෙකුත් කටයුතු කරන්නට අතීත නෙදර්ලන්ත වාසීන් පුරුදුව හිටියා. Zaansc Schans සංචාරක ආකර්ශනය පිණිස රට පුරා පිහිටි ක්‍රියාත්මක වුනු සුළං මෝල් රැසක් එකට එකතුකොට 1955 දී මේ ස්ථානයේ සංචාරක ගම්මානයක් ඉදිකර තිබෙනවා. ගංගාවක් අසබඩ ඉතා මනරම් පරිසරයක පිහිටා තිබෙන මේ සංචාරක ගම්මානයේ විවිධ හැඩයේ විවිධ ප්‍රමාණයේ සුළං මෝල් රැසක් පිහිටුවා තිබෙනවා. මේ හැම එකක්ම අදත් ක්‍රියාකාරීව පැවතීම විශේෂ ලක්ෂණයක්. ඒ සුළං මෝල් මගින් නිපදවෙන ශක්තිය විවිධ කර්මාන්ත සදහා යොදාගැනෙන අයුරු දැකගන්න පුළුවන්. කාලවේලාව සීමිත හින්ද අපි ගොඩවැදුණු හුළං මෝල ධානය අබරණ එකක්. ඉනිමං දිගේ උඩට ගිහින් ඒකෙ උඩ තට්ටුවට ගිහින් නැරබුම් පීටිකාවට ගිහාම ගග දිගේ පිහිටුවා තිබෙන අනෙකුත් හුළං මෝල් සහ අවට පරිසරය හොදට පේනවා. සේයා රූ ගන්න පොරකන පිරිස් අතරේ ඔබ වෙනුවෙන් ෆොටෝ කිහිපයක් ගත් අපි පහලට ආවා. පහුගිය සියවස් වල දැවයෙන් නිර්මාණය කල ගැමි ගෙවල් සහ කුඩා ගොවිපොලක් මේ පරිශ්‍රයේ පිහිටුවා තිබෙනවා. දැව උදුනක සැකසෙන සාම්ප්‍රදායික නෙදර්ලන්ත බිස්කට් වල රහ බලන්නත් මෙය කදිම තැනක්. නිවාස වෙන්කරන වැටවල් සහ පරිසරය අපට ඒ වෙනස කියා පෑ බව කිවයුතුයි. ඒ 18 වන සහ 19 වන සියවසේ ගමක් සිහි ගන්වන පරිශ්‍රයක්. ඒ පරිශ්‍රයේම නෙදර්ලන්තයේ ඉතිහාසය ගැන කියැවෙන කෞතුකාගාරයක් සේම අත්කම් නිර්මාණ කෙරෙන මධ්‍යස්ථානයක් පිහිටුවා තිබෙනවා. තරමක් දුර ඇවිදින්නට තියෙන හින්ද ඔබට අවශ්‍ය නම් බයිසිකල් කුලියට ගන්නත් පුළුවන්. නාවික කටයුතු සදහා ඉතා ප්‍රසිද්ධියක් උසුලන රටක් හින්ද ගගේ විවිධාකාර බෝට්ටුවල නැගිලා ගිහින් වෙනස් අත්දැකීම් ලබන්නත් ඔබට පුළුවන්.…
මලිබු වෙරළ අද්දරදී ග්‍රීක රෝම ප්‍රතිමා අතර ගෙවුණු පැය කිහිපයක්…… මම ගූගල් සිතියම උපදෙස් දෙන විදිහට කැලිපෝනියාවේ එක අධිවේගී පාරකින්…
…….කැනේඩියානු සංචාරයක මතකය ටොරොන්ටෝ නගරෙ ඉඳන් කිලෝමීටර් 250 ක තරම් දුරකින් පිහිටා තිබෙන බොන් එකෝ පළාත් උද්‍යානය වර්ග කිලෝමීටර 65…
තවමත් අබිරහසක් වුනු Stonehenge, පැරණි Roman Bath නාන තටාකය සහ Windsor Castle බලන්නට ගියදා එංගලන්ත සංචාරයක මතක…… අපි උදෙන්ම නවාතැනෙන්…
යුරෝපා සංචාරයක මතකය ග්‍රිනිච් මධ්‍ය රේඛාව මත සිට අවට බැලුවෙමි. අපි සමාජ අධ්‍යනය පොතේ ඉගෙනගත්ත දේශාංශ රටින් රටට වෙලාව තීරණය කරන්න ඉතාමත්ම වැදගත් වන දෙයක්. ඒ අනුව ග්‍රිනිච් මධ්‍ය රේඛාවෙන් පටන් අරගෙන බටහිරටත්, නැගෙනහිරටත් අංශක 180 බැගින් ඇදි මනකල්පිත රේඛා භාවිතයෙන් රටින් රටට වෙලාව තීරණය වෙනවා. අපි දැන් ඉන්නෙ ඒ ග්‍රිනිච් මධ්‍ය රේඛාව උඩ හිටගෙන. ග්‍රිනිච් මධ්‍ය රේඛාව පිහිටා තිබෙන්නෙ එංගලන්තයේ තේම්ස් නදිය අසබඩ තියෙන මනරම් උද්‍යානයක කෙලවර තියෙන කදු ගැටයේ. හරියටම 1676 දෙවන චාල්ස් රජතුමා විසින් පිහිටුවන ලද රාජකීය ආකාශ වස්තු නිරීක්ෂණාගාරයේ. Royal Observatory රාජකීය තාරකා විද්‍යාඥයාගේ පර්යේෂණාගාරය ලෙස 1876 දී මුලින්ම භාවිතා කල John Flamsteed ගේ නිවහන ලෙසින් පහත මාලයක්, කාර්යාලය ලෙස අටපට්ටම් හැඩයේ ඉහල මාලයත් භාවිතා වුණා. ඔහුගෙන් පසු ඒ තනතුර දැරුවේ හැලීගේ ධූමකේතුවට නම් ලද Edmond Hailey. මේ පරිශ්‍රයේ තිබෙන ග්‍රිනිච් මධ්‍ය රේඛාව තඹ පතුරකින් රේඛාවක් ලෙසින් මැනැවින් සකස් කොට දෙපසින් Stainless Steel පතුරු දෙකක් තබා තිබෙනවා.ඔබටත් ඒ සමරුව ඉදිරියේ ඉදගෙන සිහිවටන සේයාරුවක් ගන්න පුළුවන්. රාත්‍රී කාලයට ඒ රේඛාව ලේසර් ආලෝක ධාරාවකින් එළිය කර තිබෙනු අපට බලන්නට පුළුවන් වුනේ අපි නවාතැන් ගත් හෝටලය ඒ අද්දරම තිබුනු නිසා. විශාල ඩොල්පින් මාළුවන් දෙදෙනෙකුගේ වලිග වලින් වැටෙන ඡეයාවෙන් වෙලාව කියැවිය හැකි අපූරු සැමරුමක් එළිමහනේ තිබෙනවා. අතීතයේ භාවිතා කල අඩි 40 ක තරමේ දුරේක්ෂයකුත් , තවත් කෞතුක භාණ්ඩ රැසකුත් මේ වනවිට කෞතුකාගාරයක් ලෙසින් පවත්වා ගෙන යනවා. වරායේ තිබෙන නැව් වලට වෙලාව සකස් කරගැනීම සදහා වහලයේ සකස් කර තිබෙන සුවිසල් රතු බෝලය දවල් 12 ට පහලට වැටෙනවා. පැයක කාලයකට පස්සෙ ආයෙමත් දවල් 1 ට එය නියමිත තැනට එසවෙනවා. Greenwich…
බෙල්ජියමේ Bruges වීදි දිගේ….. යුරෝපා සංචාරයක මතකය නෙදර්ලන්තයෙන් උදෙන්ම පිටත්වුණු අපි දැන් ඇවිත් ඉන්නෙ බෙල්ජියමේ Bruges නුවරට. අපිට මේ නගරය බලන්න වරුවක කාලයක් තිබෙනවා. ඊට පස්සෙ ප්‍රංශයේ Calais වල ඉදන් ඩෝවර් වරාය දක්වා වාහන ගෙනයන විශාල පාරුවෙන් ඉංග්‍රීසි ඕඩය තරණය කරන්නයි අපේ බලාපොරොත්තුව. Bruges නගරය හරිම ලස්සන එකක්. වාහන නැවතුමෙන් කුඩා උද්‍යානයක් හරහා අපේ සංචාරක නියාමකවරයා අපට නගර චතුරශ්‍රය වෙත කැදවාගෙන ගියා.පැරණි මාදිලියේ පල්ලියක් ගාව තිබුණු පාලමෙන් එගොඩ වෙලා පැරණි වීදියක් දිගේ පැරණි ගොඩනැගිලි පහුකරගෙන අපි ඉදිරියට යනවා. එතැන තියෙන ඇල මාර්ගය හරහා පැරණි පන්නයේ බෝට්ටු, නවීන තාක්ෂණික අංග වලින් යුතු බෝට්ටුවල නැගිලා සංචාරකයින් එහේ මෙහේ යනවා. මේ ඉසව්වට …
කැනේඩියානු සංචාරයක මතකය කැනඩාවේ තිබෙන පැරණිතම පලාත් උද්‍යානය වන Algonquin වර්ග කිලෝමීටර 7653 විශාල එකක්. ටොරොන්ටෝ සහ ඔටාවා නගරවල සිට…
එංගලන්ත සංචාරයක මතක ….. කිරුළ සහ රාජකීයත්වය ගැන විවිධ අය විවිධ මත පළ කරනවා ඒ අතරේ දේශපාලනය සහ ආගමික කෝණයෙන්…
ඇමෙරිකානු සංචාරයක මතකය …… Grand Canyon වටේ රවුමක් අප පොදුවේ කියන Grand Canyon යුනෙස්කෝ ලෝක උරුමය වසර මිලියන 70 ක තරම් දිගු ඉතිහාසයකට හිමිකම් කියනවා.…

