Author: Anuruddha Weligamage
ඔබ සැමට ප්‍රීතිමත් නත්තලක් !.
ලබන්නාවූ නත්තල ඔබ සැමට සාමය සතුට සපිරි සුබම සුබ විවේක කාලයක් වේවායිශ්රී ලංකැන් නිව්ස් සහ රූපණ කණ්ඩායමේ පැතුමයි.
ග්‍රිනිච් මධ්‍ය රේඛාව මත සිට අවට බැලුවෙමි.ලෝකයේ ලොකුම මිරිදිය විල බලන්නට උතුරු ඔන්ටාරියෝවට
යුරෝපා සංචාරයක මතකය ග්‍රිනිච් මධ්‍ය රේඛාව මත සිට අවට බැලුවෙමි. අපි සමාජ අධ්‍යනය පොතේ ඉගෙනගත්ත දේශාංශ රටින් රටට වෙලාව තීරණය කරන්න ඉතාමත්ම වැදගත් වන දෙයක්. ඒ අනුව ග්‍රිනිච් මධ්‍ය රේඛාවෙන් පටන් අරගෙන බටහිරටත්, නැගෙනහිරටත් අංශක 180 බැගින් ඇදි මනකල්පිත රේඛා භාවිතයෙන් රටින් රටට වෙලාව තීරණය වෙනවා. අපි දැන් ඉන්නෙ ඒ ග්‍රිනිච් මධ්‍ය රේඛාව උඩ හිටගෙන. ග්‍රිනිච් මධ්‍ය රේඛාව පිහිටා තිබෙන්නෙ එංගලන්තයේ තේම්ස් නදිය අසබඩ තියෙන මනරම් උද්‍යානයක කෙලවර තියෙන කදු ගැටයේ. හරියටම 1676 දෙවන චාල්ස් රජතුමා විසින් පිහිටුවන ලද රාජකීය ආකාශ වස්තු නිරීක්ෂණාගාරයේ. Royal Observatory රාජකීය තාරකා විද්‍යාඥයාගේ පර්යේෂණාගාරය ලෙස 1876 දී මුලින්ම භාවිතා කල John Flamsteed ගේ නිවහන ලෙසින් පහත මාලයක්, කාර්යාලය ලෙස අටපට්ටම් හැඩයේ ඉහල මාලයත් භාවිතා වුණා. ඔහුගෙන් පසු ඒ තනතුර දැරුවේ හැලීගේ ධූමකේතුවට නම් ලද Edmond Hailey. මේ පරිශ්‍රයේ තිබෙන ග්‍රිනිච් මධ්‍ය රේඛාව තඹ පතුරකින් රේඛාවක් ලෙසින් මැනැවින් සකස් කොට දෙපසින් Stainless Steel පතුරු දෙකක් තබා තිබෙනවා.ඔබටත් ඒ සමරුව ඉදිරියේ ඉදගෙන සිහිවටන සේයාරුවක් ගන්න පුළුවන්. රාත්‍රී කාලයට ඒ රේඛාව ලේසර් ආලෝක ධාරාවකින් එළිය කර තිබෙනු අපට බලන්නට පුළුවන් වුනේ අපි නවාතැන් ගත් හෝටලය ඒ අද්දරම තිබුනු නිසා. විශාල ඩොල්පින් මාළුවන් දෙදෙනෙකුගේ වලිග වලින් වැටෙන ඡეයාවෙන් වෙලාව කියැවිය හැකි අපූරු සැමරුමක් එළිමහනේ තිබෙනවා. අතීතයේ භාවිතා කල අඩි 40 ක තරමේ දුරේක්ෂයකුත් , තවත් කෞතුක භාණ්ඩ රැසකුත් මේ වනවිට කෞතුකාගාරයක් ලෙසින් පවත්වා ගෙන යනවා. වරායේ තිබෙන නැව් වලට වෙලාව සකස් කරගැනීම සදහා වහලයේ සකස් කර තිබෙන සුවිසල් රතු බෝලය දවල් 12 ට පහලට වැටෙනවා. පැයක කාලයකට පස්සෙ ආයෙමත් දවල් 1 ට එය නියමිත තැනට එසවෙනවා. Greenwich…
වීරා ගේ මාධ්‍යය සේවයට ජාතික සම්මානයක්
කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් 2015 වසරේ සිට රූපණ අන්තර්ජාල රූපවාහිනිය තුලින් සහ 2024 සිට ශ්‍රී ලංකැන් නිව්ස් වෙබ්…
බෙල්ජියමේ Bruges වීදි දිගේ, අපි බිග් නිකල් කාසිය බලා පතලකට ගියෙමු
බෙල්ජියමේ Bruges වීදි දිගේ….. යුරෝපා සංචාරයක මතකය නෙදර්ලන්තයෙන් උදෙන්ම පිටත්වුණු අපි දැන් ඇවිත් ඉන්නෙ බෙල්ජියමේ Bruges නුවරට. අපිට මේ නගරය බලන්න වරුවක කාලයක් තිබෙනවා. ඊට පස්සෙ ප්‍රංශයේ Calais වල ඉදන් ඩෝවර් වරාය දක්වා වාහන ගෙනයන විශාල පාරුවෙන් ඉංග්‍රීසි ඕඩය තරණය කරන්නයි අපේ බලාපොරොත්තුව. Bruges නගරය හරිම ලස්සන එකක්. වාහන නැවතුමෙන් කුඩා උද්‍යානයක් හරහා අපේ සංචාරක නියාමකවරයා අපට නගර චතුරශ්‍රය වෙත කැදවාගෙන ගියා.පැරණි මාදිලියේ පල්ලියක් ගාව තිබුණු පාලමෙන් එගොඩ වෙලා පැරණි වීදියක් දිගේ පැරණි ගොඩනැගිලි පහුකරගෙන අපි ඉදිරියට යනවා. එතැන තියෙන ඇල මාර්ගය හරහා පැරණි පන්නයේ බෝට්ටු, නවීන තාක්ෂණික අංග වලින් යුතු බෝට්ටුවල නැගිලා සංචාරකයින් එහේ මෙහේ යනවා. මේ ඉසව්වට …
එඩ්වඩ් , චරිතාගේ ලස්සනම සින්දු අහන්න . මේ සෙනසුරාදා ට ටොරෝන්ටෝවට එන්න
එඩ්වඩ් ජයකොඩි , චරිතා ප්‍රියදර්ශනී පීරිස් යුවල කියන්නේ ශ්‍රී ලාංකික ජන සිත් ඇදගත් ගීත රැසක් අපේ හිත්වලට සන්නිවේදනය කල යුවලක්…
Fall Colours බලන්නට Algonquin Park එකට ගියදා,කෝටිපති ගෙටී ගේ කලාකෘති එකතුව බලන්නට ලොස් ඇන්ජලීස් නුවරට ගියදා
කැනේඩියානු සංචාරයක මතකය කැනඩාවේ තිබෙන පැරණිතම පලාත් උද්‍යානය වන Algonquin වර්ග කිලෝමීටර 7653 විශාල එකක්. ටොරොන්ටෝ සහ ඔටාවා නගරවල සිට…