කැනඩාවේ දී අත්අඩංගුවට ගත් ලාංකික අපරාධ කල්ලි නායකයෙකු ප්‍රංශයට පිටුවහල් කරයි.

ප්‍රංශයේ පැරිස් නුවර සිදු වූ ගැටුමකට අදාළව කැනඩාවේ දී අත්අඩංගුවට ගත් අපරාධ කල්ලි නායකයෙකු බව කියන ශ්‍රී ලාංකිකයෙකු ප්‍රංශයට පිටුවහල් කිරීමට කැනේඩියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා.

යාපනයේ ක්‍රියාත්මක වූ ආවා කල්ලියේ නායකයා බව කියන “ප්‍රසන්නා නල්ලලිංගම්” හෙවත් ‘අජන්තන් සුබ්‍රමනියම්‘ නැමැති මොහු පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී කැනඩාවේ ටොරොන්ටෝ හිදීයි අත්අඩංගුවට ගෙන තිබුණේ.

2021 වසරේ දී ශ්‍රී ලංකාවෙන් පැන ගොස් සිටි මොහු නීතිවිරෝධීව අමෙරිකාව, ප්‍රංශය සහ කැනඩාව යන රටවල රැඳී සිට ඇති අතර මෙරට සිදු වූ පුද්ගල ඝාතන ඇතුළු අපරාධ කිහිපයකට ද අවශ්‍යව සිටි අයෙකු බව සඳහන්.

2022 වර්ෂයේ ප්‍රංශයේ සිදු වූ ඝාතන සිද්ධියක සැකකරුවෙකු වන මොහු ටොරොන්ටෝ හිදී පසුගිය දෙසැම්බර් මාසයේ අත්අඩංගුවට ගෙන මේ දක්වා රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව එම සිද්ධියට අදාළව ‘ප්‍රසන්නා නල්ලලිංගම්‘ නැමැති අදාළ ශ්‍රී ලාංකිකයා ප්‍රංශයට පිටුවහල් කිරීමට කැනඩාවේ ඔන්ටාරියෝ අධිකරණය නියෝග කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *