මාර්ක් කාර්නිත් ශ්‍රී ලංකාවට හරස් වෙයි. රටවල් කිහිපයක එල්ටීටීඊ සැමරුම්.

ශ්‍රී ලංකාවේ වගවීම සෙවීමට මෙන්ම සත්‍යය සහ යුක්තිය දෙසට රට යොමු කිරීම සඳහා වන ස්වාධීන අන්තර්ජාතික උත්සාහයන්ට කැනඩාව අඛණ්ඩව සහාය දෙන බව අලුතින් පත් වූ කැනේඩියානු අගමැති මාර්ක් කාර්නි පැවසීය.‘දෙමළ ජන සංහාර අනුස්මරණ දිනය’ සැමරීම සඳහා නිකුත් කළ නිවේදනයක මාර්ක් කාර්නි මේ බව සඳහන් කර තිබේ.

“ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම අවසන් වී අදට වසර 16ක් සනිටුහන් වේ – වසර 26 ක් පුරා පැවති ගැටුමක් වන එමගින් දස දහස් ගණනක් සිවිල් වැසියන් මරා දැමීය. මෙම දෙමළ ජන සංහාර අනුස්මරණ දිනයේදී, අහිමි වූ ජීවිත – වෙන් වූ පවුල්, විනාශ වූ ප්‍රජාවන් සහ අද දක්වා අතුරුදහන් වූවන් අපි සිහිපත් කරමු. ආදරණීයයන්ගේ මතකය සහ කැනඩාව පුරා සැලසුම් කර ඇති බොහෝ අනුස්මරණයන් සිදුකරන කැනඩාවේ දෙමළ ප්‍රජාව ගැන ද අපි සිතමු.” යනුවෙන් එහි සඳහන් කර තිබේ.

දහස් ගණනක් මිනිසුන් මරා දැමූ යුද්ධයේ අවසානය සනිටුහන් කළ දිනය ශ්‍රී ලාංකිකයන් ඊයේ අනුස්මරණය කරන ලදී.එල්ටීටීඊයට එරෙහි අවසන් සටනේදී, විශේෂයෙන් මුල්ලිවයික්කාල්හි සිවිල් වැසියන් දහස් ගණනක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් හමුදාවට චෝදනා එල්ල විය.එවක ශ්‍රී ලංකා රජය එම චෝදනාව ප්‍රතික්ෂේප කළේ එල්ටීටීඊය විසින් සිවිල් වැසියන් මිනිස් පලිහක් ලෙස භාවිත කළ බව පවසමිනි.

මේ අතර ‘මුල්ලිවයික්කාල් සංහාරය’ සැමරීම සඳහා ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය සහ කැනඩාව යන රටවල පෙළපාළි පැවැත්වී තිබේ.එහිදී දෙමළ ජනතාව සිය ගණනක් වීදි බැස යුක්තිය ඉල්ලා සිටි බව වාර්තා වේ.

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සහ එක්සත් රාජධානියේ මහා පෙළපාළි පැවැත්වූ අතර මෙල්බර්න් සහ ලොව පුරා අනෙකුත් නගරවල කුඩා පෙළපාළි පැවැත්විණි.ශ්‍රී ලංකාවට සම්බන්ධ මන්ත්‍රීවරු ඇතුළු ඇතැම් බ්‍රිතාන්‍ය සහ ඕස්ට්‍රේලියානු දේශපාලනඥයන් වින්දිතයන්ගේ පවුල් සමඟ එක්ව ඔවුන්ට සහයෝගීතාව ප්‍රකාශ කළහ.

දහස් ගණනක් මිනිසුන් මරා දැමූ යුද්ධයේ අවසානය සනිටුහන් වූ දිනය ලෙස ශ්‍රී ලාංකිකයෝ මැයි 18 වැනිදාව සළකති.එල්ටීටීඊයට එරෙහි අවසන් සටනේදී, මුල්ලිවයික්කාල්හි සිවිල් වැසියන් දහස් ගණනක් ඝාතනය කළ බවට හමුදාවට චෝදනා එල්ල වුවත් එවක ශ්‍රී ලංකා රජය එම චෝදනාව ප්‍රතික්ෂේප කරනු ලැබුවේ එල්ටීටීඊය විසින් සිවිල් වැසියන් මිනිස් පලිහක් ලෙස භාවිත කළ බව පෙන්වා දෙමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *