
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයාව සිටි කාලයේදී සිදුවුවායැයි පැවසෙන දූෂණ චෝදනාවකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 28 වැනිදා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා තිබුණි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අප්‍රේල් 17 වන දා අල්ලස් කොමිෂන් සභාව වෙත පැමිණෙන ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට දැනුම් දී තිබුනත්, එදින ඔහුට සහභාගී වීමට නොහැකි බව සිදුකළ දැනුම් දීමකින් අනතුරුව 28 වැනිදා පැමිණෙන ලෙස දැනුම් දී තිබිණි.
මේ අතර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අභ්‍යන්තර ලිපි ගොනු ජනාධිපති අතට පත් වන්නේ දැයි සැකයක් මතුවන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ චෝදනා කරයි.ඔහු මේ බව පැවසුවේ, පසුගිය (අප්‍රේල් 28) අල්ලස් කොමිෂන් සභාවට පැය 03 කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් ලබා දෙමිනි.
ජනාධිපතිවරයා විසින් පසුගිය දිනක තමා අල්ලස් කොමිසමට යොමු කළ ලිපියක් සම්බන්ධයෙන් මඩකලපුව මැතිවරණ රැළියකදී ප්‍රකාශයක් සිදු කළ බව ත් ඒ අනුව අල්ලස් කොමිසමේ ලිපි ඉල්ලා අරගන්නා බවට පෙනී යන්නේ යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරට ත් සඳහන් කළේ ය.
“මම විරුද්ධ වුණා අල්ලස් කොමිෂන් සභාවේ අභ්‍යන්තර ලිපි ගොනු පිටස්තර පුද්ගලයන්ට පෙන්වීම ගැන. එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් මගෙන් ඇහුවා කාට ද අපි තොරතුරු පෙන්නුවේ කියලා. ඒ වෙලාවේ මං අප්‍රේල් 11 වන දා ජනාධිපති අනුර කුමාර දිසානායක මඩකලපුවේ කරන කතාවක් පෙන්නුවා. ජනාධිපතිවරයා එම රැලියේදී මෙහෙම කියනවා. ‘අල්ලස් කොමිසමට 15 වන දා එන්න කියලා තියෙන්නේ. ‘මම දැක්කා’ ලියුමක් ලියලා තියෙනවා අල්ලස් කොමිසමට අවුරුදු කනවා කියලා.‘ඒ කියන්නේ එතුමා මං යැව්ව ලියුම දැකලා තියෙනවා. එතුමා බොරු කියන්න බෑනේ.
” ඒ කියන්නේ ඇත්ත වශයෙන් ම අල්ලස් කොමිසමේ ලිපි ජනාධිපතිතුමා ඒ කාර්යාලයෙන් ලබා ගන්නවා කියලා. ඉතින් මං කිව්වා මට සාධාරණයක් සිදුවෙයි ද කියලා දන්නේ නෑ. ඒ නිසා කරුණාකරලා මගේ නිතිඥ මහතුන්ට කොමිසම මුණ ගැහෙන්න වෙලාවක් දෙන්න කියලා. කොහොම ද කොමිසමේ දේවල් ජනාධිපතිවරයා කතා කරන්නේ ? කොහොමද ඒක වෙන්නේ”
මේ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාට වහා ම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබා දීමට පොලිස් මුලස්ථානය පියවර ගෙන තිබේ.
පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ, රැඳවුම්භාරයේ සිටින පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ට දුරකතන ඇමතුමක් දීමට රනිල් වික්‍රමසිංහට අවශ්‍ය බව පවසා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරියෙකුට දුරකතන ඇමතුමක් දීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයකින් පසුව මෙම ස්ථාන මාරුව සිදු කර ඇති බව ය.
ඒ අනුව, පසුගිය (මැයි 1) සිට බලපැවැත්වෙන පරිදි කන්කසන්තුරය පොලීසිය වෙත මෙම ස්ථාන මාරුව සිදු කර ඇතැයි ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ ය.මේ සඳහා පොලිස් කොමිෂන් සභාවේ ද අනුමැතිය ලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ග තවදුරට ත් පැවසීය.අදාළ ස්ථාන මාරුව ලැබූ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වසර 23ක් පුරාවට හිටපු රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක ඒකකයේ කටයුතු කර ඇති අතර ඔහු හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධාන පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස වසර 15ක් ද සේවය කර තිබේ.