
අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 'ඉහළ තීරුබදු' සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයම ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ජනාධිපතිවරයා මෙම අදහස් පලකළේ රත්නපුර සීවලී ක්‍රීඩාංගනය අසල පසුගිය (23) වැනිදා පස්වරුවේ පැවති ජන රැළියකට එක්වෙමිනි.
පළාත් පාලන ඡන්ද විමසීම ඉලක්ක කර ජාතික ජන බලවේගය සංවිධාන කරන, ජය නියතයි - ගම අපිටයි" ජන රැලි මාලාවේ තවත් රැලියක් අද පස්වරුවේ රත්නපුරයේදී පැවැත්වුණේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.
මේ අතර තීරු බදු ගැටලුව පිළිබඳ අමෙරිකානු වෙළද නියෝජිතායනතයේ ප්‍රධානීන් හා ශ්‍රී ලංකා නියෝජිතයින් අතර සාකච්ඡාවක් පසුගිය (22)වැනිදා අමෙරිකාවේ වොෂින්ටන්හිදීයී. පැවැත්විණි.
මුදල් නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, වෙළඳ අමාත්‍යංශයේ ලේකම්වරයා අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ඊට සහභාගි වූ බවයි.අමෙරිකාව පාර්ශ්වයෙන් ඒ සඳහා සහභාගී වූයේ අමෙරිකානු වෙළද නියෝජිතායනතයේ ප්‍රධානියා ඇතුළු නිලධාරීන් පිරිසකි.මුදල් නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ සකාච්ඡාව ඵලදායි ලෙස අවසන් වී ඇති බවයි.