
ෆෙඩරල් ආගමන දත්ත වලට අනුව, පසුගිය 2024 වසරේ ජාත්‍යන්තර සිසුන් වාර්තාගත ලෙස කැනඩාවේ සරණාගත භාවය ඉල්ලුම් කර ඇත.ඊට අදාලව ඉල්ලීම් 20,245 ක් ගොනු කර ඇති අතර, 2025 දී එම සංඛ්‍යාව ඉක්මවා යනු ඇත.
ඔටාවා පලාත විදෙස් සිසුන් සදහා අධ්‍යයන අවස්ථා අඩු කරන විට පවා , අගමැති මාර්ක් කාර්නි ඔහුගේ පූර්වගාමියා වූ ජස්ටින් ටෲඩෝ මෙන් කැනේඩියානු සංක්‍රමණ "තිරසාර මට්ටම්වලට" නැවත ගෙන ඒමට ප්‍රතිඥා දීමත් සමඟද , මෙම ඉල්ලීම් ඉහළ යමින් පවතී.
අලුතින් නිකුත් කරන ලද සංඛ්‍යාලේඛනවලින් පෙනී යන්නේ 2025 දී විදේශීය සිසුන්ගේ හිමිකම් ඊටත් වඩා විශාල විය හැකි බවයි. වසරේ මුල් මාස තුන තුළ ජාත්‍යන්තර සිසුන් සරණාගත ඉල්ලීම් 5,500 ක් ගොනු කර ඇති අතර එය පසුගිය වසරේ එම කාලයට වඩා සියයට 22 ක වැඩිවීමකි.
Immigration, Refugees and Citizenship Canada කැනඩාවේ ආගමන, සරණාගතයින් සහ පුරවැසිභාවය පිළිබඳ දත්ත වලට අනුව, පසුගිය වසරේ සරණාගතභාවය අපේක්ෂා කරන ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව 2023 සංඛ්‍යාලේඛනවලට වඩා දෙගුණයකට ආසන්න වූ අතර 2019 ට වඩා හය ගුණයකින් වැඩි විය.
ෆෙඩරල් රජය ස්ථිර පදිංචිය සඳහා කලින් තිබූ මාර්ග සීමා කරන බැවින් සහ නඩු විනිශ්චය කිරීම සඳහා ගොඩගැසී ඇති ප්‍රමාණය අඛණ්ඩව ඉහළ යන බැවින්, සංඛ්‍යා ප්‍රමානාත්මකව ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව ආගමන නීතිඥයින් පවසති .
"ජාත්‍යන්තර සිසුන්ට ස්ථිර පදිංචිය සඳහා නිතිපතා අයදුම් කිරීමට ඇති දොරටු රාශියක් රජය වසා දමා තිබෙනවා," immigration and refugee lawyer Chantal Desloges. ටොරොන්ටෝහි ආගමන සහ සරණාගත නීතිඥ චැන්ටල් ඩෙස්ලොජස් පැවසීය.
"එහි ප්‍රතිඵලයක් වශයෙන්, එය වෙනත් විසඳුම් සෙවීමට මිනිසුන්ව පොළඹවමින් සිටී."ඔහු වැඩිදුරටත් පැවසීය.
, 2027 අවසන් වන විට කැනේඩියානු ජනගහනයෙන් තාවකාලික සේවකයින් සහ ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව සියයට පහකටත් වඩා අඩු කිරීමටත්, එය සියයට හතේ සිට අඩු කිරීමටත් අගමැති ධුරය ලබා පළමු ප්රවෘත්ති සාකච්ඡාවේදී කානි නැවත නැවතත් පොරොන්දු විය.
"මෙය නිවාස, පොදු යටිතල පහසුකම් සහ සමාජ සේවා සඳහා ඇති වන පීඩනය ලිහිල් කිරීමට උපකාරී වනු ඇත," පසුගිය මැයි 2 වන දින කානි පැවසීය.ඔටාවා හි සහතිකලත් ආගමන විශේෂඥයෙකු සහ නීතිඥයෙකු වන වොරන් ක්රියේට්ස් පවසන්නේ, ටෲඩෝ මෙන්ම කානි ද ආගමන මට්ටම් "ආපසු ලබා ගැනීමට" විශාල දේශපාලන පීඩනයකට ලක්ව ඇති බවයි.
"ජනතාවට, ඔවුන්ගේ පවුල්වලට සහ ඔවුන්ගේ සේවා යෝජකයින්ට අයහපත් බලපෑම් ඇති වුවද, එය මන්දගාමී කිරීමට, සංඛ්‍යා අඩු කිරීමට යමක් කළ යුතු බව ඔවුන් වටහා ගත්හ," ඔහු මාධ්‍ය වෙත පැවසීය.
"සෞඛ්‍ය සේවා ක්ෂේත්රයේ අපට අර්බුදයක් තිබෙනවා. නිවාස ක්ෂේත්රයේ තවත් අර්බුදයක් තිබෙනවා. සරණාගතයින් එය නිර්මාණය කළාද? නැහැ. ඔවුන් එය ටිකක් උග්‍ර කළාද? බොහෝ විට."
පසුගිය වසරේ ඔටාවා ජාත්‍යන්තර අධ්‍යයන බලපත්‍ර සංඛ්‍යාව සියයට 40 කින් 360,000 ක් දක්වා අඩු කළේය. එය විදේශීය සිසුන් සඳහා සුදුසුකම් ලත් වැඩ කරන වේලාවන් සීමා කළ අතර ඔවුන්ගේ කලත්‍රයන්ට ලබා ගත හැකි වැඩ බලපත්‍ර පිළිබඳ නීති දැඩි කළේය.
එම වෙනස්කම්, previous immigration minister, Marc Miller හිටපු ආගමන අමාත්‍ය මාක් මිලර් "අධික රත් වූ" පද්ධතියක් ලෙස විස්තර කළ දෙය සිසිල් කිරීම සඳහා සහ ඊනියා “diploma mills.” මර්දනය කිරීමේ උත්සාහයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද පියවර මාලාවක කොටසකි .
" අපේ ආර්ථිකයේ ඇතැම් අංශ ජාත්‍යන්තර සිසුන්ගෙන් සැබවින්ම ප්‍රයෝජන ගෙන තිබෙනවා," ඩෙස්ලොජස් පැවසීය.
"ඔබට මේ පද්ධතිය හරහා ගිය, ඇත්තටම කිසිම වටිනාකමක් නැති ඩිප්ලෝමාවක් තියෙන ශිෂ්‍ය කණ්ඩායම් ඉන්නවා," ඇය පැවසුවාය. "දැන් ඔවුන් රැකියා බලපත්‍ර සඳහා සුදුසුකම් නොලබනවා, නැත්නම් ටික කාලයක් සේවය කළත්, ඔවුන්ට තවමත් එය කැනඩාවේ ස්ථිර පදිංචිය බවට පරිවර්තනය කිරීමට නොහැකි වේවි."
නිවේදනයක් නිකුත් කරමින්, ආගමන, පුරවැසිභාවය සහ සරණාගතයින් සඳහා කැනඩාවේ ප්‍රකාශකයෙකු පැවසුවේ අධ්‍යයන බලපත්‍ර සාමාන්‍යයෙන් අධ්‍යයන වැඩසටහනක දිග සඳහා නිකුත් කරනු ලබන බවයි - බොහෝ විට වසර ගණනාවක් පුරා විහිදේ - එයින් ඇඟවෙන්නේ ජාත්‍යන්තර ශිෂ්‍ය ඇතුළත් කිරීම් සඳහා රජය විසින් කප්පාදු කිරීමේ බලපෑම් තවමත් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වී නොමැති බවයි.
"ජාත්‍යන්තර ශිෂ්‍ය සංඛ්‍යාව ස්ථාවර කිරීම සඳහා පියවර හඳුන්වා දීමට පෙර නිකුත් කරන ලද මුළු අධ්‍යයන බලපත්‍ර සංඛ්‍යාව සලකා බැලීමේදී, සරණාගතභාවය ඉල්ලා සිටින බලපත්‍රලාභීන්ගේ අනුපාතය කුඩා මට්ටමක පවතී," යනුවෙන් ප්‍රකාශයේ සඳහන් වේ.
2024 දී සරණාගත ඉල්ලීම් ගොනු කරන ලද වැඩිම ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාවක් සිටින පශ්චාත්-ද්විතියික ආයතන වූයේ:
- කොනෙස්ටෝගා විද්‍යාලය: හිමිකම් 720ක්
- සෙනෙකා ව්‍යවහාරික කලා හා තාක්ෂණ විද්‍යාලය: හිමිකම් 650ක්
- Université du Québec à Chicoutimi: හිමිකම් 500ක්
- කැනඩාවේ නයගරා විද්‍යාලය: හිමිකම් 495ක්
- කොලේජ් එලිස් - ට්‍රොයිස්-රිවියර්ස් කැම්පස්: හිමිකම් 475 ක
- චිකූටිමි විශ්ව විද්‍යාලය මෙම තත්ත්වය කනස්සල්ලට කරුණක් ලෙස හැඳින්වුවද, එය පාලනය කළ නොහැකි එකක් බව පැවසීය.
"ජාත්‍යන්තර සිසුන් විශ්ව විද්‍යාලයට ඇතුළත් කර ගැනීමේදී ඔවුන්ගේ අභිප්රායන් දැන ගැනීමට අපට හැකියාවක් නැහැ. අපි ඔවුන් තෝරා ගන්නේ ඔවුන්ගේ අධ්‍යයන වාර්තාව පදනම් කරගෙනයි," විශ්වවිද්‍යාලය ප්‍රංශ භාෂාවෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
“සරණාගත වැඩසටහන යටතේ කැනඩාවේ අරමුණු” සඳහා සහාය දැක්වීම සඳහා ෆෙඩරල් රජය සමඟ කටයුතු කිරීමට විවෘත බව නයගරා විද්‍යාලය පැවසූ නමුත් ආගමන, සරණාගතයින් සහ පුරවැසිභාවය පිළිබඳ කැනඩාව හිමිකම් පෑමක් කරන විට පාසලට දැනුම් නොදෙන බව ද පවසයි.