ජාතික වෙසක් සතිය ඇරඹේ – රටපුරා දන්සැල් දැඩි පරීක්ෂාවට

ජාතික වෙසක් සතිය පසුගිය (10) ආරම්භ විය.බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.පී සේනාධීර මහතා සඳහන් කළේ එය ලබන 16 වැනිදා දක්වා ක්‍රියාත්මක බවයි.

කළණ මිතුරන් ඇසුරු කරමු යන්න මෙවර ජාතික වෙසක් සතියේ තේමාව වනවා.

සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නුවර එළිය බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.වෙසක් සතියේ දින තුනක් දිවයිනේ සුරාසැල් හා මස් අලෙවි සැල් වසා තැබෙනවා.

මෙම වෙසක් සතිය තුළ සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල, නිවාසවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමත් එම ගොඩනැගිලි පරිසර හිතකාමී වෙසක් සැරසිලිවලින් අලංකාර කිරීමත් කළ යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සදහන් කර ඇත.

මේ අතර, නුවරඑළියේ පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවය හා අනුරාධපුරය දක්වා යන සැදැහැවතුන් වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.ලබන 13 වැනිදා දක්වා එම විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මකයි.

මේ අතර වෙසක් සමයේ රට පුරා දන් සැල්  දැඩි පරික්ෂවට ලක් කරන බවත් සෞඛ්‍ය නීති රිති වලට පට හැනි ව සිදු කරන කවර තරා තිරමක පුද්ගලයෙක් හෝ සංවිධානයක් පවත්වා ගෙන යන සංවිධානය කරන  දන් සැල් තහනම් කිරීම සිදු කරන්නට මේ වර සෞඛ්‍ය අංශ දැඩි අවධානය යොමුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. මේ අනුව වෙසක් මාසයේ සියලුම දන් සැල් දැඩි පරික්ෂාවකට ලක් කරන්නට පියවර ගෙන ඇති බවත්.සියළුම දන්සැල් පවත්වාගෙන යාමට යෝජිත ස්ථාන මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාශ මට්ටමින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේ ලියාපදිංචි කිරීම සිදු කළ යතු බවටත් උපදෙස් ලබාදී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *