
ලොව විශාලතම ටියුලිප් උත්සවය Canadian Tulip Festival සාදරයෙන් පිළිගැනීමට කැනේඩියානුවන් සූදානමින් පසුවේ. මෙම ජනප්‍රිය වාර්ෂික උත්සවය දැවැන්ත ටියුලිප් සංදර්ශන, පවුලේ විනෝදය සහ තවත් බොහෝ අංග වලින් සමන්විත වනු ඇත. සෑම වසරකම මැයි මස 11 වැනිදා, කැනේඩියානුවන් ටියුලිප් උත්සවය සමගින් සෘතුමය මල් වල සුන්දරත්වය සහ කැනඩාවේ අගනුවර සමඟ එහි ඓතිහාසික සබඳතාව සමරනු ලබයි.මෙහි එළිමහන් උත්සවය පැවැත්වෙන්නේ කොමසාරිස් උද්‍යානයේ Commissioners Park වන අතර එහිදී රිඩවු ඇළේ Rideau Canal's සහ මනරම් ඩව්ස් විල Dows Lake. අසල ටියුලිප් 300,000 කට අධික ප්‍රමාණයක් පිපෙනවා ඇත.
ටියුලිප් දිනයදා දිවා රෑ, දරුවන් සමගින් විනෝද වීමට සහ සිහිවටනයන් බෙදා ගැනීමට අවස්ථාව හිමිවේ.බහු වර්ණ උද්යායාන තුල ඡායාරූප සහ සෙල්ෆි ඡායාරූප ගැනීමට බොහෝ පිරිසක් උනන්දු වේ .උත්සවය නිර්මාණය කිරීමට හේතු වූ ටියුලිප් ඓතිහාසිකත්වය ගැන දැන ගැනීමට හා අතීත උරුම ප්‍රදර්ශනය නැරඹීමට මෙහිදී අවස්ථාව හිමිවනු ඇත.ටියුලිප් බුටික් හි නැවුම් මල්, අත්කම්, කලාව සහ තවත් බොහෝ දේ හා සාප්පු සවාරි සදහාද අවස්ථාව පවතී. ටියුලිප් ටවුන් ක්‍රියාකාරකම් දරුවන්ට සුවිශේෂි අත්දැකීමක් ලබාදෙනු ඇත
QR කේත පහසුවෙන් භාවිතා කරන ස්වයං-මාර්ගෝපදේශන භාවිතයෙන් වටිනා චාරිකාවක් භුක්ති විඳිමට මෙහි පැමිණෙන්නණ්ට අවස්ථාව උදාවේ. අතිරේක නොමිලේ වැඩසටහන් සඳහා හා දිනපතා එළිමහන් චිත්‍රපට සවස 2 ට සහ රාත්‍රී 7:30 ට ප්‍රදර්ශනය කෙරේ. සෑම සවසකම රාත්‍රී 9:15 ට blacklight boardwalk බ්ලැක්ලයිට් බෝඩ්වෝක් හි නව ශබ්ද හා ආලෝක සංදර්ශනයක්ද ඇතුළත් වේ.
මෙම උත්සවය අතීතයේදී ආරම්භ වූයේ විශේෂ තෑග්ගකිනි. නෙදර්ලන්ත රාජධානියේ රාජකීය පවුල දෙවන ලෝක යුද්ධයේදී ඔටාවා හි රැකවරණය ලබා ගත් අතර, ඇගේ රාජකීය උත්තමාවිය වන මාග්‍රට් කුමරිය 1943 දී මෙහි උපත ලැබීය. වසර දෙකකට පසු, කැනේඩියානු හමුදා නෙදර්ලන්තය නිදහස් කර ගැනීම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළහ. ඊට කෘතවේදීව, නෙදර්ලන්ත රජය 1945 සිට සෑම වසරකම කැනඩාවට ටියුලිප් බල්බ තෑග්ගක් යවා ඇති අතර එය කැනේඩියානු ටියුලිප් උත්සවය බවට පත්ව ඇත.