මිශ්‍ර 400×4 සහාය දිවීමේ ඉසව්ව ලෝක ශුරයෝ එක්ක දුවන්න ශ්‍රී ලංකාවත් තේරෙයි

2025 ලෝක මලල ක්‍රීඩා සහාය දිවීමේ තරඟාවලියේ මිශ්‍ර 400×4 සහය දිවීමේ ඉසව්වට සහභාගී වීමට ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබා ඇත.

ලෝක මලල ක්‍රීඩා සහාය දිවීමේ ඉසව්ව මැයි 10 සහ 11 යන දෙදින චීනයේ ගුවැන්ෂු හිදී පැවැත්වීමට නියමිතය.

ඒ අනුව, එක්සත් ජනපදය වැනි ප්‍රබල ක්‍රීඩකයන් සහභාගී වන මිශ්‍ර 400×4 සහය දිවීමේ ඉසව්වේ 3:15.41 ක කාලය මත පදනම්ව ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කර ඇත.

මෙම ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලබන්නේ අරුණ දර්ශන, කාලිංග කුමාරගේ, සදෙව් රාජකරුණා, හර්ෂනි ප්‍රනාන්දු, ලක්ෂිමා මෙන්ඩිස් සහ නදීෂා රාමනායක විසිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *