ඇලෝයි පෙරේරා කියන්නේ ටොරොන්ටෝවේ බොහෝ දෙනෙක් දන්නා කෙනෙක්. ඒ දිවා රෑ නොබලා ඔහු සමාජයට කල මෙහෙවර නිසයි. කිසිදු ප්‍රසිද්ධියක් බලාපොරොත්තු නොවී ඔහු උදව් කලේ දන්නා හදුනන අයට නොවෙයි. ටොරොන්ටෝ මහා විහාරය, මිසිසාගා වෙස්ට් එන්ඩ් විහාරය තුලදී නිතර දකින්නට ලැබුණු ඔහු උදව් කල පිරිස් අපමණයි. කැනඩාවේ බොහෝ කලක් ගෙව්වත් ඔහු තමන්ට හෝ තම පවුලට භෞතික දේ එක්රැස් කලේ නැහැ. ඔහුගේ භෞතික රූපකාය මෙලොවින් ඉවත්ව ගියත් ටොරොන්ටෝ අවට බොහෝ දෙනෙකුට ඔහුගේ මෙහෙය ඉතිරිව තියේවි.
ශ්‍රී ලංකැන් නිව්ස් කණ්ඩායමේ අප හිතන්නේ අප යමෙකුට දෙයක් කල යුත්තේ ඔහු හෝ ඇය ජීවත්ව සිටියදී බවයි. මේ අප අපේ පළමු කලාපය වෙනුවෙන් ඔහු හා කල කථා බහේ දිගුවයි.
ඇලෝයි පෙරේරා… අපේ කාලයේ යුග පුරුෂයෙක් https:/2024/04/19/%e0%b6%87%e0%b6%bd%e0%b7%9d%e0%b6%ba%e0%b7%92-%e0%b6%b4%e0%b7%99%e0%b6%bb%e0%b7%9a%e0%b6%bb%e0%b7%8f-%e0%b6%85%e0%b6%b4%e0%b7%9a-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b6%ba%e0%b7%9a-%e0%b6%ba/










මේ ඔහුගේ ජීවන මතක කිහිපයක්. සේයාරූ ලබාදීමෙන් අනුග්‍රහය දැක්වූයේ ආචාර්ය බංගලිදේශයේ සරණපාල හිමියන් සහ ආචාර්ය ස්වර්ණා චන්ද්‍රසේකර මහත්මියයි.
2025 අප්‍රේල් මස 17 වන බ්‍රහස්පතින්දා සවස් වරුවේ මිසිසාගා හි St. John’s Dixie Cemetery & Crematorium මහජන ගෞරවය සඳහා පැවැත්වුණු අවස්ථාවේ ඊට බොහෝ පිරිසක් සහභාගී වුනා. 2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා උදෑසන මිල්ටන් නගරයේදී පවුලේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් එතුමන්ගේ අවසන් කටයුතු සිදී කෙරුනා. එසේම සෙනසුරාදා හවස් වරුවේ මිසිසාගා විහාරස්ථානයේදී හත් දවසේ ගුණ සිහිපත් කිරීමේ ධර්ම දේශනාවක් පැවැත්වුනා. මේ එහි සේයාරූ කිහිපයක්







සේයාරූ - ජනක මොහාන්