
ටොරොන්ටෝහි කාලගුණය පසුගිය අඟහරුවාදා යම් වෙනසකට ලක්ව උණුසුම ආරම්භ වීමෙන් පසු දවස පුරා ශීතල කාලගුණය අඩු වීමක් වාර්ථාවිය.
ගෙවුනු දින කිහිපයේ ශීත කාලගුණය යළි උත්සන්න වූ අතර හිම පතනය සහ අයිස් සහිත, ලිස්සන සුළු මතුපිට හේතුවෙන් ගමනාගමනයට දුෂ්කරතා මතුවන බවත් දෘශ්‍යතාවද අඩු වන බවටත් කැනඩාව කාලගුණ බලධාරීනගේ උපදේශනයේ සදහන්විය. "ඉක්මනින් වෙනස් වන සහ පිරිහෙන ගමන් තත්වයන්ට සූදානම් වන්න," කාලගුණ උපදේශනයේ වැඩිදුරටත් සදහන් විය..
අයහපත් කාලගුණය හේතුවෙන් දැනටමත් නගරය පුරා අනතුරු ගණනාවක් වාර්ථා වී ඇති කර ඇති අතර, ඩොන් නිම්න පාර්ක්වේ සහ ගාඩිනර් අධිවේගී මාර්ගයේ අනතුරු හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.
දිවා කාලයේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 0 දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන අතර සුළං සිසිලනය -14 ක් වනු ඇතැයි අපේක්ෂා කරන බව කැනඩාව කාලගුණ බලධාරීන් අනතුරු අඟවයි, දේශීය හිම පතනය සෙන්ටිමීටර දෙකේ සිට හතර දක්වා ඉහළ යනු ඇත.කාලගුණ වාර්ථාවට අනුව, දවස පුරා උෂ්ණත්වය තරමක් ඉහළ යනු ඇති අතර, සවස 4 පමණ වන තෙක් ඍණාත්මකව පවතිනු ඇත.උෂ්ණත්වය සෙල්සියස් අංශක -6 දක්වා පහත වැටීමට නියමිත රාත්‍රිය දක්වා වලාකුළු ආවරණය පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
දකුණු ඔන්ටාරියෝ හරහා ආක්ටික් සුලං ධාරා ගමන් කරන අතර පැයට කිලෝමීටර 40 ක වයඹ දෙසින් හමන සුළඟ පැයට කිලෝමීටර 60 ක වේගයෙන් හමා යාම ආක්ටික් සුලං ධාරා හමායාමට කිරීමට උපකාරී වන බව කාලගුණ ඒජන්සිය පවසයි.
කෙසේ වෙතත්, කාලගුණ ඒජන්සිය පවසන්නේ සතිය පුරා උෂ්ණත්වය ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර සති අන්තයේ දී උෂ්ණත්වය සෙල්සියස් අංශක 9 දක්වා ළඟා වනු ඇති බවයි.පසුගිය බදාදා කාලගුණ අනාවැකියට අනුව දිවා කාලයේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 5 ක් සහ රාත්‍රියේ අවම උෂ්ණත්වය -2 ක් වන වලාකුළු සහිත අහසක් පවතී.
බ්‍රහස්පතින්දා දින උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 3ක් වන අතර රාත්‍රියේදී අවම වශයෙන් සෙල්සියස් අංශක 2ක් වන තද වැසි හෝ වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.සිකුරාදා වලාකුළු සහිත වනු ඇති අතර රාත්‍රියේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 7 ක අවම අගයක් දක්වා පහත වැටෙනු ඇත.
සෙනසුරාදා දින රාත්‍රියේදී හිරු හා වලාකුළු මුසුවු කාළගුණයක් ඇති වන අතර රාත්‍රී කාලයේදී උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 9 ක් සහ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 1 ක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඉරිදා දිනයේදී හිරු එළිය සහ වලාකුළු මුසුවු කාළගුණයක් ඇති වන අතර රාත්‍රී කාලයේදී උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12 ක් සහ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 2 ක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.