කැනඩාවෙන් සුපර් 60ක්‍රිකට් තරගාවලියක්.

කැනඩා සුපර් 60 ක්‍රිකට් ලීගය Canada Super 60 cricket league ජූලි මාසයේදී ඔන්ට්රියෝ හි බ්‍රැම්ප්ටන් හි CAA මධ්‍යස්ථානයේදී  CAA Centre in Brampton, Ont. ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව  සංවිධායකයින් පැවසීය.

ලීගය පන්දුවාර 10 ක නැතහොත් පන්දු 60ක තරගයක් වනු ඇත. තරඟ කාලය විනාඩි 90 ක් පමණ වේ. 2018 සිට බ්‍රැම්ප්ටන්හි  පැවැත්වෙන Global T20 Canada tournament ග්ලෝබල් ටී 20 කැනඩා තරඟාවලියේ, පන්දුවාර 20 ක්  එක් කණ්ඩායමකට ඇතුළත් වේ.

මෙම නව තරඟය බ්‍රිතාන්‍ය පදනම් කරගත් Star 333 Sports Inc. විසින් ක්‍රිකට් කැනඩාව සමඟ එක්ව සංවිධානය කරනු ලබන අතර, හිටපු ඉන්දීය ක්‍රිකට් තරුවක් වන යුවරාජ් සිං Yuvraj Singh තරඟයේ සන්නාමය ලෙස කටයුතු කරයි.

ග්ලෝබල් ටී20 කැනඩාව මෙන්, කැනඩා සුපර් 60 ලීගයේ කණ්ඩායම් අට සදහා කැනේඩියානු ක්‍රීඩකයන්ට අමතරව, ජාත්‍යන්තර තරු සහ ආශ්‍රිත රටවල ක්‍රීඩකයින්ගෙන් සමන්විත වනු ඇත.

සංවිධායකයින් පවසන්නේ සුපර් 60 ලීගය ආරම්භයේ සිටම පිරිමි සහ කාන්තා තරඟ දෙකම ඇතුළත් උතුරු ඇමරිකාවේ පළමු ලීගය වනු ඇති බවයි. ආරම්භයේදී, කණ්ඩායම් අටෙන් දෙකක් කාන්තා කණ්ඩායම් වනු ඇත. ඔවුන් එකිනෙකා සමඟ ක්‍රීඩා කරනු ඇති අතර, ඉසව්ව වර්ධනය වන විට තවත්  කණ්ඩායම් එකතු කිරීමට සැලසුම් කර ඇත.

ස්කොට්ලන්තයේ හිටපු නායිකා කයිල් කෝට්සර් Former Scotland captain Kyle Coetzer, සහකාර තරඟාවලි අධ්‍යක්ෂක ලෙස නම් කර ඇත. කෝට්සර් දැනට ඩර්හැම් ප්‍රාන්ත ක්‍රිකට් සමාජයේ Durham County Cricket Club සහ වේල්ස් ෆයර් හි ද හන්ඩ්‍රඩ් Welsh Fire in The Hundred competition තරඟයේ කාන්තා ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙස සේවය කරන අතර එංගලන්ත කාන්තා ඒ කණ්ඩායම සඳහා උපදේශන කටයුතු ද සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *