
හික්කඩුව මුහුදු තීරයේ දිය නෑමට ගිය 19 හැවිරිදි කැනඩා ජාතික තරුණයෙකු පසුගිය 16 වැනිදා සවස අතුරුදන් විය.
අනතුරුදායක දිය පහරවල් පිළිබඳ අනතුරු ඇඟවීමේ සලකුණු නොතකා කැනේඩියානු ජාතිකයා මුහුදේ දිය නාමින් සිටියදී ගසාගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.
අතුරුදන් වූ පුද්ගලයා සොයා ශ්රී ලංකා නාවික හමුදාව සහ පොලිසිය එක්ව සෝදිසි මෙහෙයුමක් ක්රියාත්මක කරන අතර හික්කඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.